29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිසඳුම් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව

විසඳුම් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසීය.

ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු සහ පිළිකා රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළ දැනට මෙම වර්ජනය ක්‍රියාත්මක කර නැතත් තමන්ට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ස්ථානවලද වැඩවර්ජනය ආරම්භ කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේය.