― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයේ යුනාන් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවට

චීනයේ යුනාන් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවට

චීනයේ යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා වන වාන්ග් යුබෝ පස් දින සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

කොළඹ මෙන්ම මහනුවර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශ වලද ඔහු සංචාරය කිරීමට නියමිත බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

තවද ඊයේ (16) යුබෝ මහතාගේ සංචාරය අතරතුරදී යුනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.