බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කළ වෑන් හයි ඒ 10 නෞකාව කොළඹ වරායට පළමු වරට සේන්දු වී තිබේ.
මෙම නෞකාව පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මීටර 335ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්ත මෙම නෞකාව අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයීම සිදු කෙරේ.