26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම දරු දෙදෙනාට හිංසා කළ මවක් අත්අඩංගුවට

තම දරු දෙදෙනාට හිංසා කළ මවක් අත්අඩංගුවට

වයස අවුරුදු 09ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට ලද පැමිණිල්ලක් මත ඊයේ (17) එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැඳී සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.

සැකකාර මව රැකියාවට ගොස් රාත්‍රියේ නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බවත් එතෙක් දරුවන්ගේ අධ්‍යාපනය හෝ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන්ව කෘෘරත්වයට පත්කිරීම හේතුවෙනුයි අදාළ මව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවන් දෙදෙනා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාර මව අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.