― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅක්මීමන දරුවන් පැහැරගැනීමේ සිද්ධිය බොරුවක්

අක්මීමන දරුවන් පැහැරගැනීමේ සිද්ධිය බොරුවක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් ඇති ප්‍රචාරයක් පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවට වන පුවත සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානාධිපති විසින් පැහැදිලි කිරීමක් යොමුකර ඇති බවයි ඉන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අක්මීමන පොලීසියෙන් දැනුම්දීමක් කර නොමැති අතර එලෙස දරුවන් පැහැරගැනීමක් හෝ එවැනි උත්සාහ කිරීමක් පිළිබඳව අක්මීමන හා යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශ තුළින් වාර්තාවී නොමැති බවට ද අක්මීමන පොලිස් ස්ථානාධිපති විසින් වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම ප්‍රචාරය වන පුවත අසත්‍ය පුවතක් බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙයි.