ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75% පමණ ප්‍රමාණයක් ආනයනික භාන්ඩ හෙයින් ඩොලරයේ අගය අඩුවනවිට එම භාණ්ඩවල මිලද අනිවාර්යෙන්ම අඩුවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
භාණ්ඩවල මිල අඩුකිරීම පිළිබඳව සොයා බැලීමට මුදල් අමත්‍යංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ දිනවල සමීක්ෂණයක් කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාරවර්ග,කෘෂි උපකරණ සහ පාසල් උපකරණ මිල ඉදිරියේදී අඩුවිය හැකි බව ද රාජ්‍ය ඇමැති කීය.