29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා රජයෙන් සහනයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා රජයෙන් සහනයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනය කිරීමේ දී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බදු සහන ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා ලබා දී ඇති බව යි.

ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩු වේ.

එය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇත්තේ.

මේ අතර, රටඉඳි ආනයනය කිරීමේ දී ලබා දී තිබූ බදු සහනය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.