― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ?

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ?

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී සිදුකෙරෙන බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊට අදාල නීති සංශෝධනය විය යුතු බව ඔහු පැවසුවා.

ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.