― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැයි 09 සිද්ධියට බන්දුල ඇතුළු 39 ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

මැයි 09 සිද්ධියට බන්දුල ඇතුළු 39 ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

පසුගිය වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් අද (22) ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස 09 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි දන්වා සිටියා.

එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවීන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වුණා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නා.

මැයි මස 09 වනදා ඇතිවූ සිද්ධීන් වලින් පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු දේශපාලනඥයින් තිස් නවදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.