― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතරුණියකට හදි කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

තරුණියකට හදි කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් තුළදී 27 හැවිරිදි තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර පොලිස් නිලධාරියාගේ අසනීප තත්ත්වයෙන් පසුවන මවට සාත්තු කිරීම සඳහා පැමිණෙන කාන්තාවගේ දියණියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරුණියගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇත්තේ, නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමාට විරුද්ධව මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

අතවරයට පත් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.