― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹ සරසවියේ කාන්තා වැසිකිලියකට රිංගූ අයෙක් රිමාන්ඩ්

කොළඹ සරසවියේ කාන්තා වැසිකිලියකට රිංගූ අයෙක් රිමාන්ඩ්

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.

සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී එහි කාන්තා වැසිකිලියට අනවසරයෙන් ගොස් එහි දොරගුලු කඩා මෙම සොරකම සිදුකර ඇත.

සැකකරු එම ස්ථානයට ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු අනුරාධපුර 3වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික නමැති 27 හැවිරිදි තරුණයෙකි.