― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනිවසක තිබූ රන් මුදුවක් සොරාගත් කොස්තාපල් අල්ලයි

නිවසක තිබූ රන් මුදුවක් සොරාගත් කොස්තාපල් අල්ලයි

නිවසක් පරීක්ෂා කිරීමේදී රන් මුදුවක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆ්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි මෙම කොස්තාපල්වරයා විසින් නිවස තුල තිබූ රන් මුදුව සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම මුදුව සොරාගත් බවට නිවැසියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ විමර්ශන කොටිඨාසය විසින් විමර්ශන සිදු කර මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බඩ පොලිසිය පවසනවා.