― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews20ට වැඩි ලක්ෂ 11ක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නැහැ

20ට වැඩි ලක්ෂ 11ක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නැහැ

මෙරට අවුරුදු 20ට වැඩි පුද්ගලයින් 1,170,000ක් මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය සති කිහිපයේ සිදුකළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී ඇති අතර අවුරුදු 20 ත් 29 ත් අතර එන්නත් ලබා නොගත් පිරිස 719,000 කි.

අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් 3 86,408 කුද කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව එම සමීක්ෂණයේදී අනාවරණ වී තිබේ. අවුරුදු 60 ට වැඩි 64,234 කුද එන්නත් ලබා ගෙන නොමැත.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති පසුබිමක ඇතැම් පිරිස් මෙලෙස එන්නත්කරණයෙන් මග හැර සිටීම කනගාටුවට කරුණක් බවත් ඒ අනුව මෙම පිරිස හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමු කරන ලෙස ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.