26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් මිල සම්බන්ධයෙන් රජයේ තීරණය

මත්පැන් මිල සම්බන්ධයෙන් රජයේ තීරණය

රජය විසින් මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“2023දී මේ මිල වැඩිකිරීමත් එක්ක සුරා භාවිතය අඩුවුණා ලංකාවේ. මේ අවුරුද්දේ මේ මාස කිහිපය තුළ 30%ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා. මේක අඩුවීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩුවීම යොමුවෙන්නේ නීත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ. මේ රටේ රෝගීන් බිහිකරන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. නමුත් අපිට මිල අඩුකරන්න බෑ. මම දැක්කා පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියා සුරා මිල අඩුකරන්න රජය සූදානම් කියලා. නෑ අපිට අඩුකරන්න බෑ. රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතුයි කියන නියමයක් තියෙනවා. නැත්නම් මේ අනිත් භාණ්ඩ ඉහළ මිලක තියෙද්දී සුරාව අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ.”