― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමිහින්තලේ පොසොන් උත්සවයට රජයෙන් ලක්ෂ 31ක්

මිහින්තලේ පොසොන් උත්සවයට රජයෙන් ලක්ෂ 31ක්

අනුරාධපුර මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත පොසොන් උත්සවය සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 31ක මුදලක් එම විහාරස්ථානය වෙත ලබා දුන් බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

මීට අමතරව එම උත්සවයේ සෙසු කටයුතු සඳහා තවත් මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන උත්සව කටයුතු සඳහා පමණක් මෙම මුදල ලබා දී ඇති අතර ඊට අමතරව අටමස්ථානය හා පොසොන් කලාපය වෙනුවෙන්ද මුදල් ලබා දීමට පියවර ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය.