― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅගමැතිගේ තිරුපති සංචාරය ගැන විමර්ශනයක් අරඹයි

අගමැතිගේ තිරුපති සංචාරය ගැන විමර්ශනයක් අරඹයි

පසුගිය වසරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සංචාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

2021 දෙසැම්බර් 23 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවිය පෞද්ගලික ජෙට් යානයකින් දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති බලා පිටත් විය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මීට පෙර කියා සිටියේ මෙම තිරුපති සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු එම යානය නොමිලේ ලබාදුන් බවයි.