― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපුද්ගලයින් 06කට මරණ දඬුවම

පුද්ගලයින් 06කට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයන් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේදී 2003 වසරේ අප්‍රේල් මස 14 වන අලුත් අවුරුදු දිනයේ 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම මෙම පුද්ගලයන්ට එරෙහි චෝදනාව වී තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ හම්බන්තොට ගොන්නොරුව සහ කැටැන්වැව ප්‍රදේශවල පදිංචි 6 දෙනෙකුටයි. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාගයේදී චූදිතයින් 6 දෙනෙකු ඝාතනයට වැරදිකරුවන් බවටයි අනාවරණ වූයේ. ඒ අනුව එම පුද්ගලයන් 6 දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.