― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් පදවන රියැදුරන්ට වැඩ වරදී

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් පදවන රියැදුරන්ට වැඩ වරදී

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගත වු දින දෙක තුළ සිදුකළ මෙහෙයුම් වලින්  විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ රියදුරන් 15ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව  මහතා පවසයි.

රියදුරන් බොහොමයක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ හා වෙනත් වාහන ධාවනය කරන බවට ලද පැමිණළි අනුව මෙම මෙහෙයුම සිදුකළ බවද හෙතෙම කීය.

විෂ මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළහොත් මුල් අවස්ථාවේ දඩය රුපියල්  25,000 වන අතර, රියදුරු බලපත්‍ර රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.