― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් අත්අඩංගුවේ සිටි තවත් කතක් ජීවිතක්ෂයට

පොලිස් අත්අඩංගුවේ සිටි තවත් කතක් ජීවිතක්ෂයට

පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ සවස 6.30 ට පමණ පානදුර උතුර පොලිසියේ නිලධාරීන් පිරිසක් පානදුර දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇත්තේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහායි.

පොලිසියෙන් නිවස පරික්ෂා කර එම නිවසේ සිටි වයස අවුරුදු 51ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් තිබෙනවා. එම නිවස ඉදිරිපිට පදිංචිව සිටින අදාළ කාන්තාවගේ සොහොයුරා ඉල්ලා ඇත්තේ ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇය රැගෙන නොයන ලෙසටයි.

කෙසේ වෙතත් පානදුර උතුර පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක්ද නොමැතිව ත්‍රීරෝද රථයේ දමාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව එම කාන්තාව ත්‍රීරෝද රථයේදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති අතර එම අසනීප තත්ත්වය නොතකා පොලිස් නිලධාරීන් එම කාන්තාව පොලිසිය අසලටම රැගෙන ගොස් ඇතැයි සඳහන්.

අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනෙකු පොලිසියේ ත්‍රිරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලිසිය අසලදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාවට අසනීප තත්ත්වයක් පවතින බැවින් රෝහලට රැගෙන යන ලෙසටයි.

ඉන්පසු එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනා වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන මෙම කාන්තාව පානදුර මූලික රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුල් කරන විටත් කාන්තාව මියගොස් ඇති බවටයි රෝහලෙන් දන්වා ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවක්.