25.6 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල්වල අක්‍රමිකතා හොයන්න ජනපතිගෙන් උපදෙස්

පාසල්වල අක්‍රමිකතා හොයන්න ජනපතිගෙන් උපදෙස්

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අයදුම්කරුවන්ගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙසයි.