පාසල් ප්රවාහන සේවාවට නුසුදුසු බස්රථ සහ වෑන්රථ සොයා ශ්රී ලංකා මෝටර් රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් රථ වාහන අංශය නිලධාරීන් එක්ව අද පෙරවරුවේදී මෙහෙයුමක් දියත් කර තිබේ.
අනුරාධපුර නගරයේ පාසල් වලට පැමිණෙන දරුවන් ප්රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ ප්රවාහනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳව සොයා බැලීමට අද දින මෙම මෙහෙයුම ක්රියාත්මක කරනු ලැබීය.
මෙහිදී ඇතැම් බස් රථවල සවි කර තිබූ එම බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස පැවති අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.
එම පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින දහ හතරක් ඇතුළතදී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
අද දිනයේදී මෙම නිලධාරීන් විසින් සියයකට ආසන්න බස් ර්ථ හා වෑන් රථ පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් බස්රථ 36ක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උපදෙස් ලබා ලබාදී තිබෙන අතර පාසල් දරුවන් ප්රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පවසයි.