28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් ජපාන අගමැතිගෙන් සමාව අයැදියි

ජනපති රනිල් ජපාන අගමැතිගෙන් සමාව අයැදියි

ජපානයේ ආධාර මත ආරම්භ කළ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට එවකට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගෙන් සමාව අයැද තිබේ.

යහපාලන රජය විසින් පුරෝගාමී වූ මෙම ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඒකපාර්ශ්විකව අවලංගු කරන ලදී.

මෙම තත්ත්වය තුළ ටෝකියෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවැති නිල හමුවේදී රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ද්විපාර්ශ්වික දැවැන්ත ව්‍යාපෘති නැවැත්වීමට නොහැකි වන පරිදි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමේ අත්‍යවශ්‍ය බවයි.