― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsලංගම රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800ක්

ලංගම රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800ක් ඇති බවත් විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක් වී ඇති බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම 2021 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 3059ක පාඩුවක් ලබා ඇති බව බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළි වී ඇත.

එහිදී හෙළිව ඇත්තේ 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන්ද ඩිපෝ කළමනාකරුවන් බවට පත්ව ඇති බවයි.