― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅබුඩාබි රාජ්‍යයේ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

අබුඩාබි රාජ්‍යයේ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

අබුඩාබි, බානි යාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක්.

ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව සඳහන්.

මෙම ගින්නෙන් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මියගිය පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ද වන බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කළේ.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, ද බානි යාස් හි පිහිටි නිවසක ගින්නක් ඇතිවීමෙන් දරුවන් පස් දෙනෙකු ඇතුළු අට දෙනෙකු මරණයට පත් වුණා.