― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු මේවන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා හෝ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණ වී නැහැ.

මේ අතර අද උදෑසන බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඔහු අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදිය නොනවත්වා අම්බලන්ගොඩ පොලිසිය වෙත ධාවනය කර තිබූ අතර, පොලිසිය අසල දී ඔහු යතුරුපැදියෙන් බිම වැටී තිබුණා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අම්බලන්ගොඩ ආඳාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී තිබුණේ නැහැ.