― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපැය 14ක ජල කප්පාදුවක්

පැය 14ක ජල කප්පාදුවක්

අද (09) ඒකල සහ කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජා ඇළ මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම් අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව අද පස්වරු 04.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවේ. ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවත, මීගමු පාර, වහටියාගම, දලතුර, කටුනායක, සීදුව, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටාන දකුණ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.