25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 50ක මත්ද්‍රව්‍ය සමඟ කතක් අත්අඩංගුවට

ලක්ෂ 50ක මත්ද්‍රව්‍ය සමඟ කතක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50 මිලිගෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලිගෑම් 100ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 240ක් සහ මත්පෙති 900ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 67ක තැනැත්තියක්.