― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldහිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරයාට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති අතර 2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග පැවැත්වූ බව අනාවරණය වී තිබේ.