27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට ලක්වෙමින් සිටින බව අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මෙහෙයුම් වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැඩි පිරිසක් මෙලෙස ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටින බවයි එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් එය පසුගිය වර්ෂයේ ජුනි සහ ජූලි මාස සමග සැසඳීමේදී ආසන්න වශයෙන් 40%ක අඩුවීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතභාවයට පත් වූ 66,000ක් මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.