28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බවයි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉතාලි තානාපතිනිය වෙත යොමු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අවසරය හිමිවී තිබේ.