― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහැමදේම දරාගත් ශ්‍රී ලාංකිකයින්ට ස්තූතියි - ජනපති

හැමදේම දරාගත් ශ්‍රී ලාංකිකයින්ට ස්තූතියි – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් නිසා රට මේ වන විට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට දායක වූ රජයේ නිවැරදි ප්‍රතිපත්තිවලට මෙන්ම ජනතාවගේ සාමූහික කැපවීමට ස්තූතිවන්ත වන බවයි. ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් කණ්ඩායම් රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැපවී සිටීම වැදගත් බවයි.

අනවශ්‍ය වියදම් අඩු කරන අතර හැකි සෑම විටම වියදම් අඩු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම යහපත් අනාගතයක් සඳහා වන ප්‍රතිසංස්කරණ විස්තර කෙරෙන මාර්ග සිතියමක් සමඟින් ශ්‍රී ලංකාව සාමූහික වර්ධනයේ සහ සෞභාග්‍යයේ ගමනක් සඳහා සූදානම් බවයි ජාතිය අමතා කෙරෙන විශේෂ ප්‍රකාශය ඔස්සේ ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ජීවන වියදම අඩුවීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම, දුප්පතුන්ට සහන සැලසීම සහ විනිවිදභාවය පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමට හේතු වනු ඇති බවයි. රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට රජය දරන ප්‍රයත්න ගෙනහැර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ මෙම කරුණු පෙන්වා දුන්නා.

අභියෝගාත්මක කාලසීමාව තුළ රට කෙරෙහි ඇති ලැදියාවෙන් මෙහෙයවන ලද සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තවත් කෙටි කාලයක් මෙම මාවතේ ගමන් කිරීමෙන් දුෂ්කරතාවලින් තොර ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයක් ළඟා කර ගත හැකි බවයි.

දැඩි මූල්‍ය පාලන සහ පිරිවැය ඉතිරිකිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් උද්ධමනය අඩුවීම සහ ප්‍රේෂණ ඉහළ යාම ඇතුළු ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා. සැමගේ ජීවන බර සැහැල්ලු කරමින් 70% දක්වා ඉහළ ගොස් තිබූ උද්ධමනය, අද වන විට 25.2% දක්වා පහළ ගොස් ඇති අතර එම සහනය මේ වන විට රට භුක්ති විඳින බවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළා.

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට නැවත ඇද දැමීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම තම ඉලක්කය බවත් ‘ජාතික පරිවර්තන මාර්ග සිතියම’ රටට පිළිගන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. රටේ සංවර්ධනය මූලික කුළුණු හතරක් මත පදනම් වන බවයි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ.

ඒ රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යි.