25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 04ක අයිස් සමඟ 07 දෙනෙක් අත්අඩංගුවට

කෝටි 04ක අයිස් සමඟ 07 දෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කල්පිටිය ප්‍රදේශයේදීයි. සිද්ධියට සම්බන්ධ මහමොළකරු ලෙසට දැනට හඳුනාගෙන සිටින පුද්ගලයා මන්නාරමේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අතර තමිල්නාඩුවේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු ද වනවා. කල්පිටියේ සිට අක්කරෙයිපත්තුව දක්වා අලුයම ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී යි මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනුණේ.

කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුතු මෙම අයිස් තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.