ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘කොස්ගොඩ සුජී’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ ‘ඇන්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සොයාගත් බවයි.
අහුන්ගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ඉදිරි විමර්ශන සඳහා අහුන්ගල්ල පොලීසියට භාර දී තිබේ.


