― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුරෝපා සංගමයෙන් ලංකාවට දැනුම්දීමක්

යුරෝපා සංගමයෙන් ලංකාවට දැනුම්දීමක්

යුරෝපා නිෂ්පාදන ආනයනය වළක්වමින් පනවා ඇති රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

යුරෝපා සංගමය මේ බව පවසා ඇත්තේ ඊයේ (08) බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී පැවති 24 වන ඒකාබද්ධ හමුවේදීය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කියා ඇත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් තාවකාලික ආනයන තහනමක් පනවා ඇති බවත් කොවිඩ් අර්බුදය හමුවේ උද්ගත වූ විදේශ විනිමය අර්බුදය ඊට හේතුව බවත්ය.

සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඝ්Sඵ් ප්ලස් බදු සහනය අඛණ්ඩව හිමිවීමේ වැදගත්කමද ඔවුන් යුරෝපා නියෝජිතයන්ට අවධාරණය කරනු ලැබීය. මානව හිමිකම් / කම්කරු අයිතිවාසිකම් වැනි දෙපාර්ශවය අතර ඇතිකර ගෙන ඇති මූලික ප්‍රඥප්තීන් 27 ආරක්ෂා කිරීමට තවදුරටත් කැපවී කටයුතු කරන බවටද ශ්‍රී ලංකා පාර්ශවය සහතික වී ඇති බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙරට අතර මීළග ඒකාබද්ධ හමුව ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.