― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩලනවා - ජනපති

ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩලනවා – ජනපති

නීතිවිරෝධී මුදල් හුවමාරුව සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව මීළඟ පියවර කඩිනමින් ආරම්භ කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති නීතිඥ සමුළුවේ දෙවැනි දින උත්සවයට එක්වෙමිනි.

රට තුළ ව්‍යාපාර කිරීමේ පහසුව සහ විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අදාළ ඇගයීම් කෙරෙහි එම කටයුතු ඍජුව බලපානු ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.