33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල්වලා ගඟ පිටාර මට්ටමට

නිල්වලා ගඟ පිටාර මට්ටමට

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබේ.

ඒ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අකුරැස්ස – සියඹලාගොඩ ප්‍රධාන මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් යට වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 4ක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ, පසුගිය 04 වැනි දා සිට අදාළ ප්‍රදේශවලට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි.