29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියණිය අඹුකමට ගත් පියාට වසර 110ක සිර දඬුවමක්

දියණිය අඹුකමට ගත් පියාට වසර 110ක සිර දඬුවමක්

සිය 11 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකුට බරපතළ වැඩ සහිත වසර 110ක සිරදඬුවමක් නියම කර තිබේ.

මීට අමතරව රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් සහ රුපියල් අසුදහසක දඩ මුදලක් ගෙවීමට බලපිටිය මහාධිකරණය ඊයේ (05) නියෝග කර තිබෙනවා.

පියා 2008 වසරේ ජනවාරි 01 වැනිදා සිට අවස්ථා ගණනාවකදී සිය දියණියව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බවයි ඌරගස්මහන්දිය පොලිසිය පවසන්නේ.

දැරිය අසල්වැසි කාන්තාවක් සමඟ පවසා ඇත්තේ තම මව විදෙස්ගතව සිටි කාලයේ සෑම දිනකම බීමතින් පැමිණ තම පියා තමන්ව ලිංගික අපයෝජනයට ලක්කළ බවයි.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයේ චෝදනා ගොනුකර නඩු පවරා තිබේ.