මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව ප්‍රකාශ කළේය.


