අද (06) උදෑසන හබරණ – ත්රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්රදේශයේදී සිදුවූ මාරක අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් පැත්තට ධාවනය වෙමින් තිබූ ප්රයිම් මූවර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත.
වෑන් රථයේ රියදුරා, කාන්තාවක්, තවත් අයෙක් සහ ප්රයිම් මූවර් රථයේ රියදුරා හා සහායකයා ඉන් බරපතළ තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළු කර ඇති අතර පසුව වෑන් රථ රියදුරා සහ කාන්තාව ජීවිතක්ෂයටට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් කින්නියා ප්රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.


