28 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොර්වුඩ් පොලිසියේ ජීප් රථය ප්‍රපාතයකට පෙරළෙයි

නොර්වුඩ් පොලිසියේ ජීප් රථය ප්‍රපාතයකට පෙරළෙයි

නොර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සඳහා යොදවා තිබූ ජීප් රථය ඊයේ (06) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ජීප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

ඊයේ (06) රාත්‍රී 11ට පමණ හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්තශාලාව අසළදීයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා තිබූ ජීප් රථය නොර්වුඩ් සෙන් ජෝන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීමක් වැටලීම සඳහා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් තිදෙනා සෙන් ජෝන් ටිලර් වත්තේ වතු කම්කරුවන් එක්ව රෝහල්ගත කර තිබෙනවා. අනතුරෙන් ජීප් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.