― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දු - ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමේ තීරණයක්

ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමේ තීරණයක්

දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

2030 වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහාය ලෝක බැංකුව මඟින් විදුලිබල මණ්ඩලයට ලබාදෙමින් පවතින බවයි වාර්තා වන්නේ.