― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බදුල්ල – මහියංගණය මාර්ගයේ ඊයේ (06) ලංගම බස් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ උදෑසන මහියංගණය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි බතලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.