මේ දිනවල ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලටද ව්‍යාප්ත වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ ගවයින් අතර තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර මෙය වසංගත තත්වයක් නොවන බවයි එහි අධ්යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ.