27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට අතුරු තහනමක්

බොරැල්ලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට අතුරු තහනමක්

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ (07) අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වෙස්ටර්න් රෝහල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බල‍රහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 14 වැනිදා දක්වා කල් තබනු ලැබීය.