― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබොරු පොරොන්දු දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

බොරු පොරොන්දු දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදවිය පොලිසියේ රාජකාරි කරන විවාහක අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් කොස්තාපල්වරිය 2019 වසරේ නෙදුන්කේනි පොලීසියේ සේවය කරමින් සිටින කාලයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සමඟ පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු එම මුදල ලබාගෙන කොස්තාපල්වරිය මගහැර මුදල වංචා කළ බවට කොස්තාපල්වරිය වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.