― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට තැඹිලිවලට ජපානයේ වැඩි ඉල්ලුමක්

මෙරට තැඹිලිවලට ජපානයේ වැඩි ඉල්ලුමක්

ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයන්ට එය සුබදායි පණිවුඩයක් බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එහිදී තැඹිලිවලට අමතරව වෙනත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් මිලදී ගැනීමට ජපන් වැසියන් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපන් – ශ්‍රී ලංකා සංගමය විසින් අදාළ උත්සවය සංවිධාන කර තිබේ.