මුල්ලේරියාව – හල්බරාව ප්රදේශයේදී මියගිය අවුරුදු පහමාරක වයසැති දරුවා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (08) රාත්රියේ මෙම දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර සිරුර ආසන්නයේ බිදුණු වීදුරු බෝතලයක කටු තිබී සොයාගෙන තිබේ.