29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා පිලට අකරතැබ්බයක්

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා පිලට අකරතැබ්බයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සිම්බාබ්වේ දේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් ඊයේ දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවුණා.

ඒ හේතුවෙන් දීර්ඝ ගුවන් ගමනක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුවුණේ පැය ගණනක් හෝටලය තුළ බිම වාඩි වී සිටීමටයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදු වූ මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (11) රාත්‍රියේම විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සිම්බාබ්වේ බුලවායෝ හි හෝටලයේ ඇතුළුවීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පරීක්ෂා කිරීම ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටලුව නිවැරදි කිරීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.