31.1 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේවාලය තුළදී දැරියට හදි කළ කපුවා සොයා විමර්ශන

දේවාලය තුළදී දැරියට හදි කළ කපුවා සොයා විමර්ශන

දේවාලයක් තුළදී එම පාසල් සිසුවියක් අපයෝජනය කළ කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලය තුළදී කපුවා විසින් මෙම සිසුවිය අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකිව ඇති බවයි ඇ‍යගේ දෙමාපියන් සඳහන් කළේ.

එම බලවේගය ඉවත් කර දෙන බවට කොකාවැව, අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වීමෙන් අනතුරුව මෙම දැරිය සිය මවුපියන් කැටුව එම ස්ථානයට ගොස් ඇති අතර කපුවා විසින් දේවාලය තුළට දැරිය තනිවම ගෙන්වාගෙන දැරිය අපයෝජනයට ලක්කර ඇත.

එම අවස්ථාවේ දැරිය දෙමාපියන් හමුවේ මේ කිසිවක් පවසා නොමැති අතර
නිවසට පැමිණීමෙන් පසුව ඇය තමන්ට වූ කරදරය දෙමව්පියන්ට පවසා තිබේ.

මේ වනවිට කපුවා දේවාලයෙන් පලාගොස් ඇති අතර කපුවා සොයා කොකාවැව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.