― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදින 02කට වඩා උණ පවතී නම් වෛද්‍යවරයෙක් හමුවන්න

දින 02කට වඩා උණ පවතී නම් වෛද්‍යවරයෙක් හමුවන්න

දින දෙකකට වඩා උණ ඇත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට වඩාත් වැදගත් වන්නේ විවේක ගැනීම බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ.

දෛනික කටයුතුවලින් ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම වැදගත් බවයි ඔහු පැවසුවේ. යමෙක් රැකියාවක යෙදී සිටී නම් හෝ පාසල් යන්නේ නම් ඔවුන්ට උණ වැලඳුනහොත් ඔවුන්ට දින කිහිපයක් නිවසේ රැඳී සිටීම අනිවාර්ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කළ යුතු බවත් උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයින් කිසිඳුවිටෙක ඩිස්ප්‍රින්, ඇස්ප්‍රින් හෝ ඒ හා සමාන ඖෂධ ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.